ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව වසර 52 ක් සපිරෙයි

Share Button

ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නිල වශයෙන් ස්ථාපිත කර හෙටට වසර 52 ක් සපිරෙයි. දෙපාර්තමේන්තුවක් වශයෙන් කටයුතු කිරීමේදී ඇති වු දුෂ්කරතා සහ ගුණාත්මක ගුවන් විදුලි සේවාවක අවශ්‍යතාව මත 1967 ජනවාරී 05වැනිදා ලංකා ගුවන් විදුලි සංස්ථාව ස්ථාපිත කෙරිණි.

එවකට අගමැතිවරයා වු ඩඩ්ලි සේනානායක මහතා එය නිල වශයෙන් විවෘත කළේය. නෙවිල් ඩී. ජයවිර මහතා ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමු සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මතවීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නම් කෙරුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *