ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට භෞතික සම්පත්වලට වඩා දකුණෙන් ලැබුණ සහෝදරත්වයේ ආදරණීය හැගීම මිලකළ නොහැකි බව කථානායක කියයි

Share Button

.ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාව වෙත සහනාධාර ලෙස රැගෙන ආ භෞතික සම්පත්වලට වඩා දකුණෙන් උතුරට රැගෙන ආ සහෝදරත්වය සහ මනුෂ්‍යත්වයේ් ආදරණීය හැගීම මිල කළ නොහැකි ක්‍රියාවක් බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ගංවතුරෙන් ආපදාවට පත් වු දිස්ත්‍රික්කවල ජනතාවගේ සුවදුන් සොයා බැලීමට සහ සහනසේවා කටයුතු පිලිබඳව පරීක්‍ෂා කර බැලීමට එම ප්‍රදේශවලට ගිය අවස්ථාවේදී ඔහු ඒ බව කීවේය. මෙම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාව කළ මෙහෙවර ජනතාව හා හමුදාව අතර නව මානුෂීය බැදීමකට සහ අවබෝධයකට පදනම සකස් කළ බවද කථානායකවරයා පැවසීය. සහන සේවා වඩාත් සක්‍රිය කිරීමට දායක වු ජනාධිපතිතුමා අගමැතිවරයා. ආපදා කලමනාකරණ ඇමතිවරයා. ප්‍රමඛ ප්‍රධාන රාජ්‍ය යාන්ත්‍රණය හේතුවෙන් උතුරේ ජනතාවට ගංවතුර ආපදාවට ශක්තිමත්ව මුහුණදීමට හැකියාව ලැබුණු බව ඒ මහතා පෙන්වා දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *