ගම්දනව් සිසාරා සුවිශේෂි මහජන සේවාවක් ඉටුකරන ජාතික ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වී අදට වසර 52 ක් සපිරෙයි.

Share Button

දකුණු ආසියාවේ විශාලතම ගුවන් විදුලි ජාලය වු ජාතික ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වී අදට වසර 52 ක් සපිරෙයි. මෙරට ගුවන් විදුලි සන්නිවේදනයේ විශිෂ්ට මෙහෙවරක් සිදුකරමින් ගම්දනව් සිසාරා විසිරී සිටින ශ්‍රාවකයන් වෙත මහජන සේවය සපයමින් ජාතික නාලිකාව ඉකුත් කාලයේ සුවිශේෂි මෙහෙවරක් ඉටුකළේය.

52 වන සංවතසරය නිමිත්තෙන් සංස්ථා රජරට සේවා පරිශ්‍රයේදී අද සර්වරාත්‍රික පිරිත් දේශනයකි. හෙට සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ. අනුරාධපුර කදිරේෂන් කෝවිලේදී හින්දු ආගමික වතාවත් පැවැත්වීමටත් අනුරාධපුර මොහිදීන් ජුම්මා පල්ලියේදී ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. කතෝලික ආගමික වතාවත් පැවැත්වෙන්නේ අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේදිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *