ජපානයේ නව යුගයක ආරම්භය අප්‍රේල් පළමුවැනිදා සිට

Share Button

ජපානයේ නව යුගයක් ලබන අප්‍රෙල් පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා පවසයි. වත්මන් ජපානයේ අධිරාජ්‍යයා වන අකිහිතෝ අප්‍රේල් 30 වැනිදා සිය කටයුතුවලින් විශ්‍රාම යාමට නියමිතයි. 85 හැවිරිදි ඔහු තම සෞඛ්‍ය හේතුන් මත මේ වසරේදී විශ්‍රාම ගන්නා බව 2016 වසරේ ජාතිය අමතමින් පැවසීය. එරට අධිරාජ්‍යයෙකු ජීවත්ව සිටියදී රජකම අත්හරිනු ලබන්නේ වසර 200 කට පසුවය. වත්මන් අකිහිතෝ යුගය හෙයිසි ලෙස හැදින්වෙයි. සාමය ලගාකර ගැනීම එහි ගැබ්ව තිබේ. අකිහිතෝ අධිරාජ්‍ය ධුරයට පත්වුයේ ඔහුගේ පියාවන හිරෝහිතෝ අධිරාජ්‍යයාගෙන් පසුවය. නව අධිරාජ්‍යයා ලෙස මැයි පළමුවැනිදා නරුහිතෝ කුමරු පත්වීමට නියමිතයි.
…..
ජර්මනියේ ප්‍රබල දේශපාලනඥයන් සියයකට වැඩි පිරිසකට සයිබර් ප්‍රහාර එල්ල වී තිබේ. චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද ඒ අතර වෙයි. ඔවුන්ගේ සමාජජාල ගිණුම්වල පල වු පෞද්ගලික තොරතුරු හැකර්වරු සොරාගෙන ප්‍රසිද්ධීයට පත්කර ඇත. ව්‍යාපාරිකයන් මෙන්ම මාධ්‍යවේදීන්ද මෙම ප්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තාවෙයි.
…..

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *