ඔෂධ මිල නියාමනයත් සමග ගුණාත්මක ඖෂධවල අලෙවිය විශාල ලෙස ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය ඇමතිවරයා කියයි

Share Button

ඔෂධ මිල නියාමනයත් සමග ගුණාත්මක ඖෂධවල අලෙවිය විශාල ලෙස ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව ද එම ඖෂධ මිලදී ගැනීමට යොමුවී සිටින බව ඇමතිවරයා ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනට අද එක්වෙමින් කීවේය. ඇතැම් ඖෂධ වෙළෙඳනාම 35 කින් පමණ වෙළෙඳපලට නිකුත් කෙරේ.
වෙළෙඳනාම ගණනාවකින් වෙළෙඳපලට එන ඖෂධ වැළැක්වීමට පියවර ගත්ත ද රජය අපේක්ෂා කළ සහන ජනතාවට ලැබී නැතැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා සදහන් කරයි. මෙම තත්ත්වය පාලනයට ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට එක්වු වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතා සදහන් කලේ අක්ෂිකාච මාපියාවට ඇතැම් වෛද්‍යවරුන්ගේ ද සහාය හිමිවී ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *