පාසල්වලට පලමු ශ්‍රේණියට ළමයි ඇතුලත් කර ගැනීම ලබන 17 වැනිදා

Share Button

මේ වසර සදහා පලමු ශ්‍රේණියට ළමයි ඇතුලත් කර ගැනීම ලබන 17 වැනිදා නිල වශයෙන් සිදු කෙරේ. ඊට පෙර ළමයින් පාසලට හුරු කිරීම සදහා විදුහල්පතිවරුන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක මහතා පවසයි. පලමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේදී අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනුමත කර ඇති පහසුකම් ගාස්තු සහ පාසල් සංවර්ධන ගාස්තු හැර වෙනත් කිසිදු මුදලක් දෙමව්පියන්ගෙන් අය නොකළ යුතු බවට සියලුම විදුහල්පතිවරුන්ට දැනුම්දී ඇතැයි හෙතෙම කියයි. එවැනි අවස්ථා වාර්තා වුවහොත් අදාල විදුහල්පතිවරුන්ට එරෙහිව අමාත්‍යංශය නීතිමය පියවර ගන්නා බව ඔහු පවසයි. ජාතික පාසල්වල පලමු ශ්‍රේණියට තේරි පත්වී ඇති ළමයින්ගේ අවසන් ලේඛණ මේ වනවිට පළකර තිබේ. සියලුම ජාතික පාසල්වල ඊයේ වනවිට ඒවා ප්‍රදර්ශනය කර ඇත. මෙතෙක් පාසලක් නොලැබුන දෙමව්පියන් සිටින්නේ නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත යොමුවිය යුතු බව අතිරේක ලේකම්වරයා සදහන් කරයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් පාසල්වලට ඇතුලත් කර ගැනීම මේ වනවිට සිදුවෙයි. මේ මස 20 වැනිදා වනවිට එම කටයුතු අවසන් කළ යුතු බව රත්නායක මහතා දැනුම් දෙයි.

****

මේ වසරට අවශ්‍ය පෙළ පොත් සහ නිල ඇඳුම් වවුචර්පත් බෙදාහැර අවසන් වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ගංවතුරින් බලපෑම්වලට ලක්වු උතුරේ පාසල් ළමයින්ට ඒවා නියමිත පරිදි ලබාදීමට පියවර ගෙන තිබේ. සිසුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන පෙළ පොත් සහ මුදල් වවුචර් නැවත ලබාදෙන බව අමාත්‍යංශය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *