බොහෝ ප්‍රදේශ වලට වියළි කාළගුණයක්

Share Button

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වල ඇතිවිය හැකි සිහින් වැසි හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *