භූමිතෙල් සහනාධාරයෙන් රුපියල් 30 ක් රජයට අහිමි වෙයි

Share Button

භූමිතෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 100 ක් බව මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව භූමිතෙල් ලීටරය රුපියල් 70 කට ලබා දීමත් සමඟ රජයට සිදුවන මුල්‍ය පාඩුව ලීටරයට රුපියල් 30කි.
දැනට ගණන් බලා ඇති ආකාරයට දෛනික භූමිතෙල් පරිභෝජනය සඳහා මෙට්‍රික් ටොන් 150 ක් යොදා ගන්නා බවත්, භූමිතෙල් රුපියල් 70 ට ලබා දීමෙන් රජයට දිනකට රුපියල් මිලියන 5.7 ක පාඩුවක් දැරීමට සිදුවේ.

කෙසේ වෙතත් අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් හා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් වෙනුවෙන් ලබා දෙන පොදු සහනයක් ලෙස, මිල අඩු කිරීමට රජය තීරණය කළ බව මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර මෝටර් රථ වාහන පනතට පටහැනිව භූමිතෙල් උපයෝගි කරගෙන බස් රථ හෝ වෙනත් බර වාහන හෝ ධාවනය කිරීමට ඇතැම් පුද්ගලයන් පෙලඹී තිබේ. එය පරිසර නීති රීති ද උල්ලංඝනය කිරීමකි. මෙම ගැටලුව පිළිබඳ අවධානය යොමු කරමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා සඳහන් කලේ භූමි තෙල් යොදා පෞද්ගලික බස් රථ ධාවනය කරන පුද්ගලයන්ගේ බස් රථවල බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *