සේනා දළඹුවාගෙන් සිදුවන වගා හානි සදහා වන්දි ලබාදිමට රුපියල් මිලයන 50 ක්

Share Button

සේනා දළඹුවාගෙන් සිදුවු වගා හානිය වෙනුවෙන් ගොවින්ට වන්දි ලබාදිම සදහා රුපියල් මිලියන 50 ක් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් වෙන් කර ඇති බව අමාත්‍ය පි. හැරිසන් මහතා සදහන් කරයි.

මේ අතර අමාත්‍යාංශය විසින් සේනා දළඹුවා මර්දනය සඳහා කෘමිනාශක 04 ක් හඳුන්වා දී ඇති බවත්, කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50% ක සහනාධාර ලබා දීමට රු.මි 50 ක මුදලක් වෙන්කර ඇතැයි ද , සේනා මර්දනයට විකල්ප වැඩපිළිවෙලක් වශයෙන් සලබයින් අල්ලා ගැනීම සඳහා විශේෂ ඇටවුමක් (උගුලක්) ද හඳුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

වලව කලාපයේ අතිරේක බෝගයක් වශයෙන් වගා කෙරෙන බඩ ඉරිගු වගාව ද සේනා දළඹුවා හේතුවෙන් විනාශයට පත්ව තිබේ.

එමෙන්ම පදලංගල . තෝරගල. කුට්ටිගල ආදි ප්‍රදේශවල අක්කර දහසකට අධික ප්‍රමාණයක බඩඉරිගු වගාව මේ අනුව විනාශයට පත්ව ඇතැයි ගොවිහු පවසති.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *