ගංවතුරින් හානි වූ වගාවන්ට වන්දි ලබා දීමට පියවර

Share Button

පසුගිය දිනයන් හී මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට ඇති වූ ගංවතුරින් විනාශ වූ වගාවන් සඳහා වන්දි ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

මේ වන විට විනාශ වු වගාවන් වලට අදාල භුමි තක්සේරු කිරිම ආරම්භ කර ඇති අතර කෘෂිකර්ම නිලධාරිහු සහ රක්ෂණ නිලධාරීහු අද (07) සිට එම කටයුතුවල නිරත වෙති.

ඒ අනුව හෙක්ටයාරයක් සදහා රුපියල් හතලිස්දහසක වන්දියක් අදාල ගොවින්ට ලබාගත හැකිය.

වගා භුමි තක්සේරු කිරිමෙන් අනතුරුව සාධාරණ ක්‍රමවේදයක් යටතේ ගොවින්ට වන්දි ලබාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් විරකෝන් මහතා ද සඳහන් කරයි .

එමෙන්ම ගංවතුර තත්වය හේතුවෙන් වැව් සහ ඇළවේලි රැසක් ද විනාශ වී ඇති අතර ඒවා කඩිනමින් ප්‍රතිසංවර්ධනය කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් කඩිනම් වැඩ පිළිවෙලක් ද ආරම්භ කර ඇත.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *