තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව යලිත් අසරණ වෙයි

Share Button

ශ්‍රි ලංකා කණ්ඩායම සමග නෙල්සන් හි පැවති තෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 115 ක විශිෂ්ට ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 364 ක් රැස් කළේය. රෝස් ටේලර් ලකුණු 127 යි.

හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 124 ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් ඇතුලත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 249 ක් පමණි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 46 ක් ලබා ගත් අතර තිසර පෙරේරා යලිත් සාර්ථක වෙමින් පන්දු 63 ක් තුල ලකුණු 80 ක් රැස් කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුලත් විය. සාර්ථක පන්දු යැවීමක නිරත වු ලොකි ෆර්ගසන් ලකුණු 40 කට කඩුලු 4 ක් බිඳහෙලීය. දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරග තුනම ශ්‍රි ලංකා කණ්ඩායම පරාජයට පත් විය. දෙරට අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියද එකට බිංදුවක් ලෙස ජය ගැනීමට සමත් වුයේ නවසීලන්ත කණ්ඩායමයි. දෙරට අතර පන්දුවාර 20 යි 20 තරගය ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *