නවසීලන්ත ප්‍රහාරක පිතිකරු ජේම්ස් නිශාම් ශ්‍රි ලංකාවත් සමග ඕවර් විසසයි විස්ස තරගයෙන් ඉවතට

Share Button

පාදයේ ආබාධයකට ලක්වු නවසිලන්ත තුන් ඉරියව් ක්‍රිඩක ජෙම්ස් නිෂාම් ශ්‍රි ලංකාවත් සමග ඕවර් විස්සයි විස්ස තරගයෙන් ඉවත් වෙයි. 2017 වසරෙන් පසු ඔහු යලි තරග පිටියට අවතිර්ණ වුයේ ශ්‍රි ලංකාවත් සමග පැවති එක්දින තරගාවලියේදිය. ඉකුත් තරගවලදී ඔහු තිසර පෙරේරා හමුවේ එක් ඕවරයකදී හයේ පහර 5 ක් සමග ඕවරයකට ලකුණු 34 ක් රැස්කරමින් තරගාවලියෙ කැපි පෙනෙන ක්‍රිඩකයෙකු බවට පත්විය. මෙම එක්දින තරග තුනේදි ඔහු ලකුණු 123 ක් රැස්කලේය. ඊට අමතරව පන්දුවෙන් ද දස්කම් දැක්විය. දෙරට අතර ඕවර් විස්සයි විස්ස තරගය ලබන 11 වැනිදා ඕක්ලන්ඩ්හිදි පැවැත්වෙයි. පෙරවරු 11.30 ට එම තරගය ආරම්භ වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *