ලග්ගල නව නගරය ඇතුඑ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

Share Button

දේශපාලන භේදයකින් තොරව රට ගොඩනැගිීම සඳහා එක්වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටි. පෞද්ගලික න්‍යායපත්‍රවලින් තොරව ඒ සඳහා කැපවිය යුතුය. රටේ ඉදිරි ගමන සඳහා අවංක දේශපාලඥයන්ට අනාගතය භාරදිය යුතු යැයි එතුමා කියා සිටී ලග්ගල නව නගරය ඇතුඑ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීමෙන් පසු පැවති ජන හමුවේදී ජනාධිපතිතුමා මේ බව කිවේය. එහිදි තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා

මොරගහකන්ද කලුගග ව්‍යාපෘතිය ජාතික ආර්ථිකයට විශාල ශක්තියකි. ජනතා බලාපොරොත්තු ඉටු කිරිමට තමා කැපකිරීම් රැසක් සිදුකළ බව ද එතුමා සිහිපත් කලේය. පරාජය වු යම් දෙයක් වේ ද එය යළි ජයග්‍රහනය කරා ගෙනයාමට ඉදිරියේදි කටයුතු කරන බව එතුමා කියා සිටි. මෙම ව්‍යාපෘතිය මගින් පළාත් 5 ක ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වන බව ජනාධිපතිතුමා කිවේය. රටේ බරපතලම අභියෝගය දූෂණය හොරකම නාස්තියයි. දේශපාලඥයාගේ සිට පහලට ගලා ගිය මෙම ජාතික ව්‍යසනය තුරන් කිරීමට අත්වැල් බැදගත යුතුයැයි එතුමා කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *