පසුගිය වසරේ නීති විරෝධී සංක්‍රමණිකයන් 4600 ක් ජීවිතක්ෂයට

Share Button

පසුගිය වසරේදී ලොව පුරා නීති විරෝධී සංක්‍රමණිකයන් හාර දහස් පන්සිය අනූ දෙදෙනෙකු වෙනත් රටක් කරා යන ගමනේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසයි.

මේ අතරින් බහුතරය වන දෙදහස් දෙසිය අනූ හත්දෙනෙකු මරණයට පත්ව ඇත්තේ අප්‍රිකාවේ සිට මධ්‍ය ධරණී මුහුද හරහා යුරෝපයට ගමන් කිරීමේදී බව සංවිධානයේ නිල නියෝජිත ලියොනාර්ඩ් ඩොයිල් පවසයි.

පසුගිය වසරේදී යුරෝපයට සංක්‍රමණය වූ සරණාගතයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ දහසය දහසකට අධිකය. මෙලෙස තුන්දහසකට අධික සරණාගතයන් සංඛ්‍යාවක් මරණයට පත්වූ පස්වෙනි වසර වශයෙන් 2018 වසර වාර්තාගතවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *