ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල ඉහළට

Share Button

ලෝක වෙළූඳපලේ ඛනිජ තෙල් මිල ඉහළ යයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ පස්වරුවේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 58 යි ශත 30 ක් වශයෙනි. එය සියයට 1 යි දශම 9 ක පමණ මිල ඉහළ යාමකි.

මේ අතර ලයිට් ස්වීට් වර්ගයේ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 49 යි ශත 26 දක්වා සියයට 1 යි දශම 5 කින් ඉහළ ගොස් තිබේ.

ඔපෙක් සංවිධානය විසින් ඉන්ධන නිෂ්පාදනය අඩු කරන බවට පලවන වාර්තා සහ ඇමරිකානු චීන වෙළඳ සාකච්ඡාවල ප්‍රගතිය තෙල් මිල වැඩිවීමට බලපා ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *