අලි-මිනිස් ගැටුමෙන් ඉකුත් වසරේදී දෙපාර්ශ්වයටම බරපතල හානි

Share Button

ගෙවිගිය වසරේ අලි-මිනිස් ගැටුමේ ප්‍රතිඵල ලෙස වනඅලි 311 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. එම කාලය තුළදී මිනිස් ජිවිත 95 ක්ද දැයට අහිමිවී ඇත. වනඅලින්ගෙන් 61 දෙනෙකු මියයාමට හේතුව හක්කපටස් පුපුරා යාමයි. දුම්රියේ ගැටිමෙන් අලි 15 දෙනෙකු මියගොස් තිබේ.

2017 දී මියගිය අලින් සංඛ්‍යාව 256 ක් විය. ඒ අනුව ඉකුත් වසරේ අලි මරණ මෙන්ම පුද්ගල මරණ ද ඉහල ගොස් ඇත. 2012 සිට 2018 දක්වා මිය ගිය අලි ඇතුන් සංඛ්‍යාව 1737 කි. 2011 වසරේ අලි සමීක්ෂණයට අනුව මෙරට සිටින අලි ඇතුන් සංඛ්‍යාව 5900 කට ආසන්නය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *