යුනෙස්කෝ අන්තර් රාජ්‍ය කමිටුවේ සාමාජිකත්වය ලංකාවට

Share Button

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා සහ සංස්කෘතික සංවිධානයේ [යුනෙස්කෝ] අත්‍යවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වන අන්තර් රාජ්‍ය කමිටුවේ, ආසියා පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ප්‍රංශයේ පැරිස් නුවර දී ජුනි 6 පැවති හත්වැනි යුනෙස්කෝ සමුළුවේ දී ශ්‍රී ලංකාව මෙලෙස තේරී පත්ව ඇත.

2018-2020 කාල පරිච්ඡේදය සඳහා මේ පත්වීම සිදු විය. රටවල් 8 ක් මෙහිදී ආසියා පැසිෆික් කලාපයේ ආසන 4 සඳහා තරඟ කිරීමෙන් අනතුරුව ලංකාවට මෙම ජයග්‍රහණය හිමි වූ අතර බංග්ලාදේශය, චීනය, ජපානය, කසකස්ථානය, තායිලන්තය, මැලේසියාව, පලාවූ සහ ශ්‍රී ලංකාව තරඟ කල රටවල් අතර වෙයි. 2008 වසරේ දී ශ්‍රි ලංකාව  මෙම කමිටුවේ ආසනයක් සඳහා ශ්‍රී ලංකාව තරඟ කල ප්‍රථම අවස්ථාව වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *