ශ්‍රී ලංකාවත් සමග ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සංචිතය නම් කෙරේ

Share Button

ශ්‍රී ලංකාවත් සමග ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම නම් කෙරේ. ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් සහ මැට් රේන්ෂෝ කණ්ඩායමට කැදවා ඇත. ඉන්දියාවත් සමග ඓතිහාසික ටෙස්ට් පරාජයෙන් පසු ඔස්ට්‍රෙලියානු පිලේ ආරෝන් ෆින්ච් . ෂෝන් මාෂ්. මිචෙල් මාෂ් සහ පීටර් හැන්ස්කෝම්බ් කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

නවක ක්‍රිඩක විල් පොකෝස්ටිව් කණ්ඩායමට කැදවා තිබේ. දෙරට අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 24 වැනිදා බ්‍රිස්බෙන්හිදී ඇරඹේ. කණ්ඩායමේ නායකයා ලෙස ටීම් පේන් කටයුතු කරයි. ජෝ හේසල්වුඩ්. පැට් කුමින්ස්. මාකර්ස් හැරීස්. ට්‍රෙවිස් හෙඩ්. උස්මාන් කවාජා. මානුස් ලැගුස්චේන්. නෙදන් ලියෝන්. මිචෙල් ස්ටාර්ක්. පීටර් සිඩ්ලි ශ්‍රී ලංකාවත් සමග තරගයට එක්වෙති.

2017 ජනවාරි පලමුවැනිදා සිට මේ වසරේ ආරම්භය දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් ලැබු අඩුම ජයග්‍රහණ ප්‍රතිශතය වාර්තාකර ඇත්තේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව එම කාලය තුළදී තරග 49 කට ක්‍රිඩා කර ජයගෙන ඇත්තේ 11 ක් පමණි. ශ්‍රී ලංකාවේ ජය පරාජය ප්‍රතිශතය පැපුවා නිව්ගිනි කණ්ඩායම ලැබු එම අගයට වඩා පහල අගයක පැවතිම විශේෂ සිද්ධියකි.

මේ අතර. ඇමෙරිකාවට ක්‍රිකට් වරම් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරයි. ඒ අනුව ක්‍රිකට් වරම් හිමිවු 105 වන රට බවට ඇමෙරිකාව පත්වෙයි. මේ වනවිට පුර්න සාමාජිකත්වය නොමැති ක්‍රිකට් වරම් ලැබු 93 වන රට ඇමෙරිකාව වෙයි. ඇමෙරිකාවේ ක්‍රිකට් තරගකාරි ලෙස ආරම්භවී මාස 18 ක් තුළ ඔවුන්ට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ ස්ථානයක් හිමිවීම විශේෂ සිද්ධියකි. මේ යටතේ ඇමෙරිකාවට දේශිය මෙන්ම ජාත්‍යන්තර තරග පැවැත්වීමේ හිමිකම ලැබේ. ඇමෙරිකාවට මෙතෙක් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය ලැබි නොමැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *