ඇමෙරිකා මෙක්සිකෝ තාප්ප අර්බුදය මානුෂිය හා ආරක්ෂක අර්බුදයක්වී ඇතැයි ඇමෙරිකානු ජනාධිපති කියයි

Share Button

ඇමෙරිකා මෙක්සිකානු දේශසීමා තාප්පය ඉදිකිරිම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ එරට කොන්ග්‍රසය අතර පවතින අර්බුද තවදුරටත් නිමා නොවී පවති. මෙය විශාල මානුෂිය හා ආරක්ෂක අර්බුදයක් බවට පත්ව ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජාතිය අමතමින් පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ මීට අදාල මුදල් වෙන්කිරීමට සහාය නොදැක්වීමෙන් ඩිමෝක්‍රටික් පක්ෂය ඇමෙරිකානු ජනතාව ප්‍රාණඇපකරුවන් කර ඇති බවයි. මේ වනවිට දින 18 ක් ඇමෙරිකානු රජයේ කටයුතු ඇනහිට තිබේ. මෙම යකඩ තාප්පය ඉදිකිරීමට ඩොලර් බිලියන 5 යි දශම 7 ක් අවශ්‍ය බව ගණන් බලා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *