නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Share Button

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (09) දිවුරුම් දී තිබේ.

ඒ අනුව නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණ සභාපති පී.ටී. සුරසේන, අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් දිවුරුම් දී ඇත.

එමෙන්ම නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා ය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද එක් විය.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *