මන්ත්‍රිවරුන්ගේ ආචාරධර්ම පද්ධතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අගමැතිවරයා පෙන්වා දෙයි

Share Button

මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකලාපය හා අනිසි හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව රටට ආදර්ශයක් ලබාදිය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසය.ි කරන්දෙනිය මධ්‍ය මහ විද්‍යාලයේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන අධ්‍යාපන හා ආර්ථික වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසීය. පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුවු සිදුවීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුය. මන්ත්‍රිවරුන්ගේ ආචාරධර්ම පද්ධතිය දැඩිව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවයද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තම වැරදි නිවැරදි කරගනිමින් රටට ආදර්ශයක් ලබාදිීම කෙරෙහි මන්ත්‍රීවරුන් අවධානය යොමුකළ යුතුය. සිදුකළ වැරදි පිළිගැනීමට මෙතෙක් ඔවුන් කටයුතු කර නැත. එවැනි පසුබිමක් තුළ පාර්ලිමේන්තුව නියෝජනය අයෙකු වශයෙන් පාසල් දරුවන්ට උපදෙස් ලබාදීම තමාටද ගැටවක් බව අග්‍රාමාත්‍යවරයා පැවසිය. ජාත්‍යන්තර තරගකාරීත්වයට මුහුණදීම සදහා මෙරට දරුවන් තුළ විද්‍යා ගණිත සහ ඉංග්‍රිසි දැණුම පුඵල් කළයුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *