ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ නව පිම්මක්

Share Button

රජයේ සංවර්ධන වැඩපිළිවෙලට අනුව තරුණ තරුණියන් නිපුණත්වය තුළින් සංවර්ධන කාර්යය සඳහා දායක කරගැනීමටත් දැනට ශ්‍රම වෙළඳපොලේ ඇති විශාල ප්‍රමාණයක් වූ රැකියා අවස්ථා සලකාබලා එහි උපරිම වාසිය තරුණ තරුණියන්ට ලබාදීමටත්, රටේ ශ්‍රම වෙළඳපොලේ ඇති නිපුණ ශ්‍රමික හිඟය අවම කිරීම උදෙසාත් ඉලක්ක කොට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් පුහුණු අවස්ථා දෙගුණ කිරීමේ ජාතික වැඩසටහන පසුගිය ඔක්තෝම්බර් මස පළමු දින සිට දිවයින පුරා ක්‍රියාත්මකවීම ආරම්භ විය.

මෙම ජාතික වාඩසටහනේ දෙවන පියවර වශයෙන් දැනට බහුල රැකියා අවස්ථා පවතින ඉදිකිරීම් ක්ෂේත්‍රය, සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය, හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රෙය, මෝටර් කාර්මික ක්ෂේත්‍රය, විදුලි ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සංදේශ ක්ෂේත්‍රය, කෘෂිකර්ම හා පශු සම්පත් යන ක්ෂේත්‍ර සඳහා ආධුනිකයින් බඳවාගැනීමට නියමිතයි.

පුහුණුවට බඳවාගැනීමෙන් පසු මුල් මාස දෙක තුළ ඔවුන්ට මූලික පුහුණුවක් ලබා දේ.

එහිදී වැඩබිමක සේවය කිරීමට අවශ්‍ය ක්ෂේත්‍ර පුහුණුව , පරිගණක දැනුම, ඉංග්‍රීසි, සන්නිවේදන කුසලතා සහ පෞරුෂ වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වේ .

ඉන්පසු පුහුණුව ලැබූ තරුණ තරුණියන්ගේ අභිමතය පරිදි රැකියාගත පුහුණුව සඳහා කර්මාන්ත ක්ෂේත්‍රෙය් සේවා ස්ථානවලට යොමු කෙරේ.

එහිදී කර්මාන්ත මඟින් ඔවුන්ට දීමනාවක් ලබාදීමට ද කටයුතු සලසා ඇත. පාඨමාලා අවසානයේදී ජාතික මට්ටමේ පිළිගත් NVQ 3,4 මට්ටමේ සහතික පිරිනමනු ඇත. මූලික පුහුණු කාලයේදී අඩු ආදායම්ලාභීන් හට ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කරයි.

පාඨමාලාව හදාරන කාලය තුළ සියලුම සිසුන්ට ලංගම වාර ප්‍රවේශ පතක් ලබා දේ.

මෙම ජාතික වැඩසටහනේ දෙවන අදියර දිවයින පුරා පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට අයත් දිස්ත්‍රික් කාර්යාලවලදී පසුගියදා ආරම්භ විය.

එහි සමාරම්භක ජාතික උත්සවය පසුගියදා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ සහ කන්ද උඩරට ගැමි පුනරුත්තාපන ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පී. දිගම්බරන් මැතිතුමා සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු නවීන් දිසානායක මැතිතුමන් ඇතුලු ගෞරවණීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදී පැවැත්විණි.

    

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *