ජනතා හිතවාදි අයවැයක් ඉදිරිපත් කරන බව අගමැති කියයි

Share Button

මෙවර ජනතා හිතවාදි අයවැයක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය. දේශපාලන .සමාජ. හා ආර්ථික අභියෝග රැසක් අප හමුවේ තිබෙ.් සංචාරය සදහා ලෝකයේ හොදම ගමනාන්තය බවට ශ්‍රි ලංකාව පත්ව තිබු මොහොතක රට අස්ථාවර විය. ඇතැම් රටවල් ශ්‍රි ලංකාව සංචාරය සදහා නුසුදුසු රටක් ලෙස නම් කළේය. අස්ථාවරත්වය පැවති දින 51 ක කාලය තුළ රුපියලේ අගය සියයට තුනයි දශම අටකින් අවප්‍රමාණය වූ බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. තවදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා

අස්ථාවරත්වය පැවති කාල සිමාවේදි කිසිම රටකින් හෝ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් කිසිදු ණයක් හෝ ආධාරයක් ලබාගැනිමට ශ්‍රි ලංකාවට නොහැකි විය. එම කාල පරිච්ඡේදයේදි තීරණ ගැනිමක් සිදු නොවු නිසා රජයේ සංවර්ධන වැඩසටහන්. ව්‍යාපෘති නතර වුණි . ප්‍රාග්ධන අරමුදල් වියදම් කිරිමක් නොවුනි. මෙහිදි අහිමි වු ආර්ථික සංවර්ධනය නැවත ගොඩ නගා ගැනිමට කාලයක් අවශ්‍ය වේ. ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ගොඩ නගා ගත යුතුය. පලමු වැදගත්ම කාර්යය වන්නේ රුපියලේ අගය ස්ථාවර කිරිමයි. ඒ සදහා සහාය ලබාගැනිමට රටවල් ගණනාවක් සමග සාකච්ඡා කර තිබෙ.් ඉන්දියාව. ද එසේ උදව් කිරිමට ඉදිරිපත් වු රටකි. චිනයේ පැන්ඩා බැදුම්කර හා ජපානයේ සමුරායි බැදුම්කර යටතේ ඩොලර් මිලියන 500 ක් ලබාගැනිමට අපේක්ෂා කෙරේ ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය වෙලෙඳපලෙන් ඩොලර් බිලියනයක් ලබාගැනිමට බලාපොරොත්තු වේ තාක්ෂණ කලාපවල කර්මාන්ත ශාලා පිහිටුවා අපනයන වෙළෙූඳාම වර්ධනය කෙරේ. විවිධ පුද්ගලික මතවාද . දේශපාලන අරමුණු පැවතියත් ඒ සියල්ලට ඉදිරියෙන් රට ගැන සිතා ක්‍රියා කරන්නැයි යෝජනා කරන බව අගමැතිවරයා කිවේය.
දුර්වල හා වැරදි සහගත ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරිමෙන් හා රටමත ඇති ණයබර ගැන සුසුම්හෙඵ පමණින් අනාගතය ගොඩනැංවිමක් සිදු නොවේ. ඒ සදහා නිවැරදි සැලසුම් උපායමාර්ග නිර්මාණය කරගත යුතුය . දින 51 දී දෙදරා ගිය ආර්ථිකය යලි ඔසවා තැබිමට රජය සුදානම් බව ද වික්‍රමසිංහ මහතා කිය. ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට එල්ල වු අභියෝගයන්ට මුහුණ දි යලි ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය ඉහළට ඔසවා තැබු ආකාරයට ආර්ථිකයද යලි ගොඩනංවන බව ඔහු අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *