වතු කම්කරු වැටුප් ප්‍රශ්නය කඩිනමින් විසඳෙනු ඇතැයි සේව්‍ය සම්මේලනයේ විශ්වාසය පළ වෙයි

Share Button

වතු කම්කරු වැටුප් ප්‍රශ්නයට කඩිනමින් විසදුම් ලැබෙනු ඇතැයි සේව්‍ය සම්මේලනය විශ්වාසය පළ කරයි. ඊට අදාල සාකච්ඡාවක් අමාත්‍යවරුන් වන දයා ගමගේ සහ නවීන් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ වතු සමාගම් නියෝජිතයින් හා සේව්‍ය සම්මේලනයේ සහභාගිත්වයෙන් අද පැවැත්විණ.

එහිදී ඉදිරිපත් වු යෝජනා වතු සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල අනුමැතිය සදහා යොමු කර ඇතැයි සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පැවසීය. වතු සේවකයින්ට වඩාත් වාසි සහගත අන්දමට වැටුප් වැඩි කිරීමට වතු සමාගම්වල එකගතාව ලැබෙනු ඇතැයි ඔහු සදහන් කළේය. වතුවල නිෂ්පාදනය ඉහල නැංවීමට අදාල යෝජනා කිහිපයක් අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබේ.

එම සාකච්ඡාවෙන් පසුව ඇමතිවරු වතු වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වුහ. කෙසේ වෙතත් වතු වෘත්තීය සමිති සමුහයේ ප්‍රධාන ලේකම් එස් රාමනාදන් මහතා පැවසුවේ එම සාකච්ඡාවල දී අවසන් විසදුමකට එළැඹීමට නොහැකි වු බවයි. මුලික වැටුප් වැඩි කිරිමට සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දීමනා ද එකතු කර ඇති බව ඔහු සදහන් කළේය. එයට එකග විය නොහැකි බව පැවසු හෙතෙම ඉදිරියේදී නැවතත් අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *