පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීමට සැලසුම්

Share Button

පෞද්ගලික රෝහල්වල විවිධ මිලගණන් නියාමනය කිරීමට තම අමාත්‍යංශය පියවර ගන්නා බව ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. මෙවැනි වැඩපිළිවෙලකින් රෝගීන්ට සහන සැලසීමේ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාහැකිය. පැණි බීම වර්ග සදහා පනවා තිබු බදු අඩු කිරීම මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරණ අවස්ථාවේ දී සිදු කර තිබිණ.

එහෙත් දියවැඩියා රෝගයෙන් ජනතාව ආරක්ෂා කිරීම පිණිස ගෙන තිබු එම ක්‍රියාමාර්ගය යලිත් හදුන්වා දෙනු ලැබීය. වැරදි ආහාර රටාවලින් දරුවන් මුදාගැනීම ද ජනතාවගේ සෞඛ්‍ය තහවුරු කිරීමේ වැදගත් පියවරක් බව ඇමතිවරයා පවසයි. රාජිත සේනාරත්න පදනම බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් 200 දෙනෙකුට පාසල් උපකරණ බෙදා දිම වෙනුවෙන් සංවිධාන කර තිබු උත්සවයක දී ඇමතිවරයා මේ කරුණු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *