මහ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීමට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම්

Share Button

මහ මැතිවරණයක් පැවැත්වීම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය ලබාගැනීමට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස වැඩ භාර ගැනිමේ අවස්ථාවට අද පෙරවරුව් එක් වෙමින් ඔහු ඒ බව පැවසීය. එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය පක්ෂය පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් . ඊට සුදුසු වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බවත් හෙතෙම පැවසීය.

පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් ජයග්‍රහණය කරා ගෙන යන වැඩපිළිවෙල ආරම්භ කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසීය. හෙට සහ එළැඹෙන ඉරිදා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ සංවිධායකවරුන් සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී එළැඹෙන තීරණ අනුව දිස්ත්‍රික් නායකවරුන් හා ආසන සංවිධායකවරුන් පත් කරන බවද ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *