ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දක්වන ආර්ථික අපහසුතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් නිවාස ව්‍යාපෘති

Share Button

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ආර්ථික අපහසුතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා දිස්ත්‍රික් මට්ටමින් නිවාස ව්‍යාපෘති ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යංශවල සහාය අදාල ව්‍යාපෘති සදහා ලබා ගැනේ. ඉඩම් අමාත්‍යංශය සුදුසු ඉඩම් හදුනා ගැනීමෙන් පසු පළමු ක්‍රීඩා ගම්මානය ඉදිකිරිම මාර්තු මාසයේදී ආරම්භ කරන බව ඇමතිවරයා පැවසුවේ සිය අමාත්‍යංශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

බර ඉසිලිීමේ ඉසව්වෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කර ගත් කවින්ද රන්සිඵ ජයතිලක ක්‍රීඩකයාට මොරටුව අගුලාන සයුරුපුර නිවාස සංකීර්ණයෙන් නිවසක් පිරිනැමීම නිමිත්තෙන් උත්සවය පැවැත්විණි. එම නිවසේ වටිනාකම රුපියල් මිලියන 3 කි. කවින්ද රන්සිඵ ජයතිලක ක්‍රිඩකයාගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට දායකත්වය ලබාදීම සදහා අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *