යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

Share Button

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කෙරුනු මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයේ දී රාජකාරි ආරම්භ කළේය. ඔහු යුද හමුදාවේ 53 වන මාණ්ඩලික ප්‍රධානියාය. ජනාධිපතිතුමාගේ නිර්දේශයට අනුව ු ඊයේ ඔහු එම තනතුරට පත් කෙරිණි.

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදා විධායක ජනරාල් තනතුරේ මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරයේ ද කටයුතු කරයි. ඔහු පාබල රෙජිමේන්තු නිලධාරියෙකු ලෙස කණ්ඩ භාර නිලධාරී තනතුරේ සිට පාබල සේනාංක සේනාධිපති තනතුර දක්වා තනතුරු රාශියක් දරා තිබේ. ඔහු මානුෂීය මෙහෙයුමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ හමුදා නිලධාරියෙකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *