නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර පන්දුවාර විස්සේ ක්‍රිකට් තරගය ඕක්ලන්ඩ් හි දී අද පෙරවරුවේ

Share Button

නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර පන්දුවාර විස්සේ ක්‍රිකට් තරගය ඕක්ලන්ඩ් හි දී ශ්‍රි ලංකා වේලාවෙන් අද පෙරවරු 11.30 ට පැවැත්වේ ලසිත් මාලිංග කණ්ඩායම මෙහෙයවයි ..මෙම තරගය සදහා ධනුෂ්ක ගුණතිලක සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. ඔහු පිටකොන්දේ ආබාධයකට ලක්වීම මීට හේතුවයි. නවසිලන්ත කණ්ඩායමේ නායකත්වය ටිම් සවුති ට හිමි වී තිබෙ.් කේන් විලියම්සන් සහ ට්‍රෙන්ට් බෝල්ට් විවේක ගන්වා ඇත.

මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායම ලොව අංක එකේ පන්දුවාර විස්සේ කණ්ඩායම ලෙස කටයුතු කළ යුතු බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි. පන්දුවාර විස්සේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා තරග කිරීමට සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රි ලංකා කණ්ඩායම මෙවැනි තත්ත්වයකට පත්වීම කිසිඳු ආකාරයකින් සිදු නොවිය යුත්තක් බවයි. පන්දුවාර විස්සේ ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනිමේ තරගාවලියට සහභාගි වීමට ශ්‍රි ලංකා පිලට සිදුවී තිබේ.

ලෝක පන්දුවාර විස්සේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවවැනි ස්ථානයේ පසුවන ශ්ර්‍‍රී ලංකා කණ්ඩායම සහභාගි වු අවසන් තරග 16 න් 12 ක් පරාජය වී තිබේ. 2014 වසරේ ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ පන්දුවාර විස්සේ ලෝක ශූරතාව දිනාගැනිමට ශ්‍රි ලංකාව සමත් විය. පන්දුවාර විස්සේ ලෝක ශූරතා තරගාවලි 3 ක අවසන් මහා තරගවලට ද ශ්‍රි ලංකාව සුදුසුකම් ලැබිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *