සුරතලයට ඇති කරන සුනඛයන් ආශ්‍රිතව පැතිර යන රෝගයක් මෙරටින් පලමු වරට හදුනා ගැනේ

Share Button

සුරතලයට ඇති කරන සුනඛයන් ආශ්‍රිතව පැතිර යන රෝගයක් මෙරටින් පලමු වරට හදුනා ගැනේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදුකළ පරීක්ෂණයකට අනුව අප්‍රිකානු රටවල සුනඛයන් අතර පවතින මෙම රෝගය මිනිසාටද ආසාදනය වනු ඇ.ත. එහෙත් එමගින් දැඩි බලපෑමක් සිදු නොවන අතර චර්ම රෝගි ලක්ෂණ පෙන්නුම් කරන බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි

අක්ෂි රෝග තත්ත්වයකින් පෙඵණු බලංගොඩ ප්‍රදේශයේ ගෘහාශ්‍රිත සුනඛයෙකු පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලට යොමු කිරිමෙන් පසු ලබාගත් රුධිර සාම්පල පරීක්ෂා කිරිමේදි එම සත්වයා ට්‍රයිපැනසොමා නම් රෝගි තත්ත්වයෙන් පෙළෙන බවට හදුනාගෙන ඇත එම සුනඛයා පසුව මරණයට පත්ව ඇත කල්තියා හදුනාගෙන ප්‍රතිකාර කිරිමෙන් සතුන් බේරාගත හැකි බව මහාචාර්යවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *