විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයඳුම්පත් කැඳවීම ඇරඹේ

Share Button

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයඳුම්පත් කැඳවීම අද ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. අයඳුම්පත් භාරගැනිම පෙබරවාරි මස 01 වැනිදායින් අවසන් බව කොමිසමේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසයි. ඔන්ලයින් ඔස්සේ අයඳුම්පත් ඉදිරිපත් කළ යුතුය. ඒ සඳහා නිකුත් කළ අත්පොත අද සිට නියෝජිත පොත් වෙළඳසල්වලින් ලබාගත හැකිය. මෙවර විශ්ව විද්‍යාල සඳහා සිසුහු තිස්එක්දහස් එකසිය පනස් අට දෙනෙක් බඳවා ගැනෙති. එය පසුගිය වසරට සාපේක්ෂව සිසුන් දහසකගේ වැඩිවිමකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *