ඉන්ධන මිල තවදුරටත් අඩුකෙරේ

Share Button

ඉන්ධන මිල අඛණ්ඩව සිව්වැනි වරටත් අඩුකෙරේ. ඉන්ධන මිල තීරණය කිරිමේ මිල යාන්ත්‍රනය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් දෙක බැගින් අඩු කිරීමට රජය තිරණය කර ඇත. යුරෝ ෆෝ පරිසර හිතකාමි සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් අඩුකර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටරයක සංශෝධිත මිල වන්නේ රුපියල් 123 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 147 කට අලෙවි කෙරෙනු ඇත. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 99 කටත් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 118 කටත් අලෙවි කෙරේ.
මේ අතර ලංකා අයි.ඕ සී සමාගමද පෙට්රල් ලිටරයක් රුපියල් 02 කින් ද ඔටෝ ඩිසල් රුපියල් 02 කින්ද සුපර් ඩිසල් ලිටරයක් රුපියල් 03 කින්ද අඩු කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *