රටේ නීතිය අනුව කිසිඳු රණවිරුවෙකු ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාමේ හැකියාව නැතැයි තලතා අතුකෝරල ඇමතිවරිය ප්‍රකාශ කරයි.

Share Button

ඇමති තලතා අතුකෝරල මහත්මිය සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්විමේ පනත 2002 වසරේදී සම්මත කළ පනතක් බව කීවේය. තවත් ජාත්‍යන්තර සම්මුතීන් සමග එකගතාවය ඇතිකරගත් නිසා එම නියමයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ඇමතිවරිය පැවසුවාය. වත්මන් රජය යටතේ අධිකරණය ස්වාධීනත්වය ආරක්ෂා කර තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කොමිෂන් සභා බලාත්මක කර ඇත. රටේ නීතිය අනුව කිසිඳු රණවිරුවෙකු ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාමේ හැකියාව නැත. රණවිරුවන් දඩයම් කලේ පසුගිය රජයයි. රට තුල මාධ්‍ය නිදහස ඇතිකිරිමට වත්මන් රජය ක්‍රියාකර ඇතැයි ඇමතිවරිය කිවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *