පාසල් අවට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලිමට විධිමත් වැඩපිළිවෙලක් -ජනපතිගෙන් අදාල අංශ වෙත උපදෙස්

Share Button

පාසල් දරුවන් ඉලක්ක කර පාසල් අවට සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් අත්හිටුවීම සදහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදාල අංශවලට උපදෙස් දෙයි. ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම පිළිබඳ සාකච්ඡාවක දී එතුමා එම උපදෙස් දුන්නේය.

මත්ද්‍රව්‍ය උවදුරට හිස එසවීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන්නැයි ජනාධිපතිතුමා එහිදී අදාල අංශ දැනුවත් කළේය. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා මේ වනවිට රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. වැටලීම් අඛන්ඩව සිදු කෙරේ්. ඊට අදාල නීති සංශෝධන කටයුතු ද මේ වනවිට සිදු කෙරෙමින් පවතී. ඒවා කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *