සංවර්ධ ලොතරැයි මණ්ඩලයෙන් ජනාධිපති අරමුදලට රුපියල් කෝටි 200 ක්

Share Button

සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසරේ සිය ආදායමෙන් රුපියල් කෝටි 200 ක් ජනාධිපති අරමුදලට ලබාදෙයි. ඉකුත් වසරේදී එම මණ්ඩලයේ ආදායම සියයට 18 කින් වර්ධනයවීම නිසා එම මුදල ලබාදීමට හැකිවු බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක සේන සුරියපෙරුම මහතා පැවසිය. ජනාධිපති අරමුදලට දායකත්වය සපයන එකම ආයතනය සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි. අසාධ්‍ය රෝගීන්ට සහ සරසවි සිසුන්ගේ මහපොල ශීෂ්‍යත්ව අරමුදලට ජනාධිපති අරමුදලින් මුදල් සැපයේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *