නව කැබිනට් නොවන ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

Share Button

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්හ. රවින්ද්‍ර සමරවීර මහතා කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ වී. රාධක්‍රිෂ්ණන් මහතායි. අබ්දුල් මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබු අමාත්‍ය ධුරය සංශෝධනයක් සිදුවී ඇති බවද ජනාධිපති කාර්යාලය පවසයි. ඒ අනුව ඔහු හිමිවන්නේ සමාජ සවිබලගැන්විමේ අමාත්‍ය ධුරයය.ි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *