නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට සියඵ දේශපාලන පක්‍ෂ අවංකව ක්‍රියා කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දෙයි.

Share Button

නව ව්‍යවස්ථාවක් ගෙනඒමට අවශ්‍ය අතර ඒ සදහා සියඵ දේශපාලන පක්‍ෂ අවංකව ක්‍රියා කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය. ජාතිවාදයෙන් බැහැරව කටයුතු කර ඇත. උතුරු නැගෙනහිරට බලය බෙදීමේදී 13 වන ව්‍යවසථා සංශෝධනය පදනම් කරගෙන කළයුතුය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන්නේ විසිවන සංශෝධනය ගෙනඑන පොරොන්දුව මත බවත් රජය එය සිදු නොකළ යුතු බවත් මන්ත්‍රිවරයා කිීවේය.
ව්‍යවස්ථාදායක සභාව ආරම්භයේ සිට තමන් අපේක්ෂා කළ ආකාරයට ගමන් කර නැතැයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා කිීවේය. පළාත් පාලන ආයතනවලට වැඩ ිබලතල ලබාදීම හා මැතිවරණ ක්‍රමය. වැඩි කේවල සහ අඩු අනුපාතික මන්ත්‍රි සංඛ්‍යාවකින් සමන්විත යුතු බව ඇතුඵ කරුණු 14 ක් ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම එදා ඉදිරිපත් කළ බව ඔහු සදහන් කළේය.
පළාත් සභාවට බලය ලබාදීමේදී එය යළි වෙනස් කළ නොහැකි ලෙස කටයුතු කළයුතු බවත් ජනතාව වෙනුවෙන් යහපත් දේ කිරීම අරමුණ බවත් ඩග්ලස් දේවානන්ද මන්ත්‍රිවරයා පැවසීය.
සියඵ දෙනාගේ එකගතාවයෙන් ව්‍යවස්ථාවක් සැදීම සදහා ක්‍රියාකළ ප්‍රථම අවස්ථාව මෙය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එසේ කිරීමේදී ඇතැමුන් සිංහල ජනතාව අතර බොරු දේශප්‍රේමිත්වයක් ඇති කරගෙන ඡන්දය ලබාගැනීමට කටයුතු කරන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *