බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව ඉවත් කිරීමට කිසිදු අදහසක් නැතැයි අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.

Share Button

බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව ඉවත් කිරීමට කිසිදු අදහසක් නැතැයි අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය. බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව ඉවත් කිරීමට නව ආණඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කටයුතු කරන බව පෙන්වාදීමට ඇතැමුන් උත්සාහ දැරුවත් එහි සත්‍යතාවක් නොමැති බව ඔහු පැවසිය. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීම පිලිබඳ ගැඹුරින් සාකච්ඡා කළයුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය.
එක ජනවර්ගයක් අමනාප කරගෙන තවත් ජනවර්ගයක අයිතියක් ලබාගැනීමට උත්සාහ නොකළ යුතු බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී පැවසීය.. කිසිදු ජනවර්ගයකට තවත් ජනවර්ගයක් පීඩාවට පත්කිරීමට අයිතියක් නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *