නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී දේශපාලන පක්ෂ සතු වගකීම වන්නේ ජනතාවට කරුණු පැහැදිලි කරදීම බව නීතිඥ ජගත් ලියනාරච්චි මහතා පවසයි

Share Button

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී දැනට තිබෙන තත්ත්වයට වඩා සෑම අංශයකින්ම වෙනසක් ඇති විය යුතුය යන්න බහුතර මතය බව නීතිඥ ජගත් ලියනාරච්චි මහතා පවසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බව හෙතෙම පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද එක් වෙමිනි. ජනාධිපතිවරයා ඡන්දයකින් තෝරා නොගෙන පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කර ගැනීම . මනාප මැතිවරණ ක්‍රමයට වඩා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම . පළාත් සභාවල දැනට ඇති බලතලවල වෙනසක් ඇති කිරීම . මුලික අයිතිවාසිකම් පිළිබදව වන පරිච්ඡේදය පුඵල් කිරීම . ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතීන් ලබාදීම . පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඇති කිරීම ඇතුඵ කරුණු ගණනාවක් එමගින් පෙන්වා දී තිබෙන බව ලියනාරච්චි මහතා පැවසීය. වැඩිදුරටත් කරුණු දැක්වු ඔහු සදහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒමේ දී මහජන අදහස් නොවිමසා එය සිදු කර ඇති බවයි. සංශෝධන සදහා කාලයක් ගතවේ. ජනතාව සමග ද ඒ පිළිබදව සාකච්ඡා කළ යුතුය. නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට බලපෑමක් වන බවට ජනතාව තුල අනියත බියක් පවතී. එහෙත් එවැන්නක් සිදු නොවන බවට ලියනාරච්චි මහතා සහතික විය. මේ පිළිබඳව දේශපාලන පක්ෂ සතු වගකීම වන්නේ ජනතාවට කරුණු පැහැදිලි කරදීම බව පෙන්වා දුන් ලියනාරච්චි මහතා එහෙත් අද සිදු වන්නේ ජනතාව උසි ගැන්වීමක් බව කීවේය. මෙම තත්ත්වය වහාම වෙනස් විය යුතුව ඇතැයි හෙතෙම පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *