රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය මැඩලිමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායෙන් වැඩසටහන් රැසක්

Share Button

රජරට ප්‍රදේශයේ තවත් දිස්ත්‍රික්ක 11 ක හදුනා නොගත් වකුගඩු රෝගය පැතිර යයි. රෝගය මැඩලිම සදහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය මේ වනවිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතා කියයි. ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදිම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙ.් ප්‍රදේශයේ පාසල් වලට ජලය පිරිසිදු කරන උපකරණ ලබාදිමට රුපියල් ලක්ෂ 12 ක මුදලක් වෙන් කර තිබෙ.් රෝගය වැළදුණු පුද්ගලයන්ගේ මානසිකත්වය බිඳ වැටිම වැලැක්විම සදහා විශේෂ උපදේශන වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇතැයි අබේරත්න මහතා පැවසුවේ ජාතිකගුවන්විදුලියේ ඇතුල්පැත්ත වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමිනි. කිසියම් ආයතනයක් ඉල්ලිමක් ඉදිරිපත් කළ හොත් වකුගඩු රෝග පරීක්ෂණ සායන එම ආයතන මට්ටමින් පැවැත්විය හැකි බව ද ඔහු සදහන් කළේය.
මොළය මියගිය පුද්ගලයෙකුගේ් අවයව පරිත්‍යාග කිරිමට ඥාතින් ඉදිරිපත්විම මගින් විශාල සමාජ මෙහෙවරක් ඉටු කළ හැකි බව වැඩසටහනට එක් වු වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවසිය .

සනත්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *