විශේෂ කොමිසමට බය නෑ – ඇමති රාජිත

Share Button

පසුගිය වසර 4 ක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ සෙවීම සඳහා විශේෂ කොමිසමක් පති කිරීමට නියමිත බව ජනාධිපති වරයා ප්‍රකාශ කළේ යැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කර තිබුණේය.

නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ අසරණ රෝගී ජනතාවට පසුගිය වසර 4 පුරා සිදු කළ සේවය කොමිසන් සභා පත් කිරීමෙන් වසා දැමිය නොහැකි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දුම්කොළ පාලනය සඳහා බදු පැනවීම, පැණි බීම සඳහා වර්ණ සංකේත ක්‍රමයන් හඳුන් වා දීම හා බදු පැනවීම ඇතුළු වැඩපිළිවෙළ රැසක් පසුගිය කාලය තුල ක්‍රියාත්මක කෙරිණි.

දින 53 ක කාලයක් පැවති දේශපාලන අර්බුදයේ දී එවකට අග්‍රාමාත්‍යවරයා පැණි බීම සඳහා බදු අඩු කිරීමට තීරණය කළද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මුලදී එයට විරෝධතාව පළනොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක්  මිල අඩු කීරීම , හදවත් රෝගීන්ගේ ස්ටෙන්ස් වල මිල අඩු කිරීම අක්ෂි කාච මිල අඩු කිරීම , පිළිකා රෝගීන්ට ජීවිත කාලය ටම ප්‍රතිකාර කිරීම ආදී සෞඛ්‍ය සේවයේ අභිවෘද්ධියට තීන්දු තීරණ රැසක් ගත් බව අමාත්‍යවරයා පවසයි.

විදේශීය ආයතන හා විවිධ සංගම් මඟින්  ද තම සේවාව ඇගයීමට ලක් කර ඇති අතර මෙවැනි විශේෂ කොමිසමකට තමා බිය නොවන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *