කුඩා බවුසර් යොදා කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල දියරකිරි බෙදාහැරීමේ වැඩපිළිවෙලක්

Share Button

කුඩාබවුසර් මගින් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ජනතාව වෙත දියරකිරි බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ඇමති පී හැරිසන් මහතා පවසයි. ජාතික පශු සම්පත් මණ්ඩලයේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙයි. පිටිකිරි භාවිතය අඩුකරමින් දේශීය කිරි ගොවියා නගා සිටුවීම තම අපේක්ෂාව බව ඇමතිවරයා කියයි. ජාතික පශු සම්පත් මණ්ඩලයේ අද පැවැති මාණ්ඩලික නිලධාරීන්ගේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය. ජාතික පශු සම්පත් මණ්ඩලයේ පාඩු ලබන සත්ව ගොවිපොල ලාභ ලැබෙන ආකාරයෙන් වැඩිදියුණු කිරීමටද පියවර ගැනේ. අනුරාධපුර සහ මොණරාගල සත්ව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථාන ඇතිකෙරේ. කිරි ආශ්‍රීත නිෂ්පාදන ජනතාව වෙත හදුන්වාදීමටත් වටු බිත්තර සහ බැටඵ මස් ඇතුඵ ප්‍රෝටින් අවශ්‍යතාව සපුරන නිෂ්පාදන ප්‍රචලිත කිරීමටත් ක්‍රියාකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *