ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති දුම්රිය කට්ටල් හයෙන් පළමු දුම්රිය කොළඹ සිට යාපනය දක්වා නිරීක්‍ෂණ චාරිකාවක.

Share Button

මගීන්ගේ පහසුව සදහා උසස් ප්‍රමිතියෙන් යුත් දුම්රිය ඉදිරියේදී දුම්රිය සේවයට එක්කිරීම රජයේ අපේක්ෂාව බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පවසයි. ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති දුම්රිය කට්ටල් හයෙන් පළමු දුම්රිය වන එස් 13 ලෙස නම් කර ඇති දුම්රිය අද පෙරවරුවේ කොළඹ සිට යාපනය දක්වා නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනි.

එම අවස්ථාවට එක්වෙමින් ඔහු සදහන් කළේ දුම්රිය කට්ටල 5 ක් සහ මැදිරි 160 ක් ඉදිරියේදී ආනයනය කරන බවයි. මෙම අවස්ථාවට එක්වු ඉන්දීය සමාගමේ ඉංජිනේරුවරුන් සදහන් කලේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල ධාවනය කිරීමට සුදුසු ආකාරයට මෙම දුම්රිය නිෂ්පදනය කර ඇති බවයි. විශේෂයෙන්ම දුම්රිය මාර්ගයේ සිදුවන අලි අනතුරු හැකිතාක් අවම කරගැනීමට මෙම දුම්රියට විශේෂ හැකියාවක් ඇත. ඉදිරියේදී කොළඹ සිට යාපනය දක්වා මගී ධාවනයට මෙම දුම්රිය එක්කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *