ජනතාවගේ ගැටඵ විසදීම සදහා පළාත් සභා ක්‍රමය පැවැතිය යුතු බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කියයි

Share Button

ජනතාවගේ ගැටඵ විසදීම සදහා පළාත් සභා ක්‍රමය පැවැතිය යුතු බව දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා පවසයි. පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගැනීමේ උත්සවයට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ දකුණු පළාත තුළ ගැටඵ රැසක් පවතින බවයි. ඉන් සුඵ සංඛ්‍යාවකට පමණක් ගත වු කාලයේදී විසදුම් ලැබී ඇතැයි හෙතෙම පැවසීය. මෙතෙක් නොවිසදුනු ගැටඵවලට පළාත් සභාවේ සහයෝගයෙන් විසදුම් දෙන බව තෙන්නකෝන් මහතා කීවේය. දිවයිනේ රැකියා විරහිත තරුණ තරුණියන් වැඩි සංඛ්‍යාවක් සිටින්නේ දකුණු පළාතේය. ඔවුන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *