වනෝද්‍යානවලට පිවිසීමේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන්

Share Button

දිවයිනේ වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අන්තර් ජාලය හරහා අවසර ලබාගැනීමේ අවස්ථාව සැලසිමට සංචාරක සංවර්ධන හා වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගනි. ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා වනෝද්‍යාන ප්‍රවේශ දොරටු ආසන්නයේ දිගු වේලාවක් රැඳී සිටීමෙන් සංචාරකයන්ට සිදුවන අපහසුතාව මගහරවාලීම මෙහි අරමුණයි.

ඒ අනුව ඊයේ සිට අන්තර්ජාලය මගින් ප්‍රවේශ පත් ලබාගැනිමේ අවස්ථාව ලැබෙන බව අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා පවසයි. එහි පලමු අදියර විල්පත්තුව ජාතික වනෝද්‍යානයෙන් ඊයේ ආරම්භ කෙරිණි. www.dwc.gov.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් මෙම පහසුකම ලබාගත හැකිය. මෙම නව වෙබ් අඩවිය හදුන්වා දිම අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදි පසුගියදා සිදුකෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *