පලමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවය අද

Share Button

2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (17) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වෙනුයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමගේ ප්‍රධානත්වයෙනි.

මෙම ජාතික උත්සවයට සමගාමිව දිවයිනේ සෑම පාසලකම 1 ශ්‍රේණියට සිසුන් භාර ගැනීම වෙනුවෙන් විශේෂ උත්සව සංවිධානය කර ඇත.

මීට සමගාමීව අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන්  ‘එකට වවමු එකට වැඩෙමු” යන්න තේමා කරගනිමින් විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ.

පාසල් අවදියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරුවීමේ ආකල්පමය වර්ධනයක් ඇති කරලීම මෙම සුවිශේෂී වැඩසටහනෙහි අරමුණ වේ.

දිවයිනේ ක්‍රියාත්මක වන පාසල් 10,194 අතුරින් පාසල් 9,193ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර, සෑම වසරක ම 340,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් ව වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *