ඉන්දියාවේ ගල් අගුරු පතලක සිරවුවන් සොයා තවදුරටත් මෙහෙයුම්

Share Button

ඉන්දියාවේ මිගාලයා ප්‍රදේශයේ නීති විරෝධීව ගල් අගුරු පතලක් පවත්වාගෙන ගිය ස්ථානයක සිදුවු අනතුරකින් එහි සිරවී සිටින පතල්කරුවන් 15 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම පිරිස එහි සිරවුනේ ඉකුත් මස 13 වැනිදාය. මේ දක්වා බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වු අතර අද පෙරවරුවේ එක් අයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙ.් ඉන්දීය නාවික හමුදා කිමිදුම්කරුවන් මේ සදහා විශේෂ කිමිදුම් උපකරණයක් ද සකස් කර ඇත. එය චිලී රාජ්‍යයේ රන් පතලක සිරවුවන් බේරා ගැනීමට යොදා ගත් ආකාරයේ එකක් වේ. මෙය අඩි 370 ක් පමණ ගැඹුරු වන අතර එය මේ වනවිට ජලයෙන් පිරී ඇතැයි වාර්තාවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *