චින බසට පරිවර්තනය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය එළිදැක්වෙයි

Share Button

චීන බසට පරිවර්තනය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය එතුමා වෙත පිරිනැමීම අද අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි. සම්පත් බණ්ඩාර මහතා රචනා කළ අග්‍රාමාත්‍යවරයාගේ චරිතාපදානය මහාචාර්ය වං යු මහත්මිය හා මහාචාර්ය යින් ජින්ශන් මහතා චීන බසට පරිවර්තනය කළහ.

මෙරට රාජ්‍ය නායකයෙකු පිළීබඳ චීන බසින් පළවන මුල්ම සවිස්තරාත්මක චරිතාපදානය මෙයයි. චීන පොත් ප්‍රකාශන හා ප්‍රවර්ධන ආයතනය එම කෘතිය චීනය පුරා පොත් අලෙවිසැල් හා පුස්තකාලවලට බෙදා හැරීමට කටයුතු කරයි. චීන පොත් ප්‍රකාශන හා ප්‍රවර්ධන ආයතනය. බීජිං හි යැන්ෂි මුද්‍රණාලය හා සරසවි ප්‍රකාශන ආයතනය එක්ව කෘතිය ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා – චීන විශ්වකෝෂයක් සැකසීම පිළිබඳවද එහිදී අවධානය යොමුවිය. ඒ සදහා ශ්‍රී ලංකා සහ චීන විද්වතුන් හා වෘත්තිකයන් අතර සාකච්ඡාවක් හෙට සහ අනිද්දා දෙදින පැවැත්වීමට සැලසුම් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *