සිංහල සිනමාවට වසර 72 ක් සහ ශ්‍රීී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 47 ක් පිරිීම නිමිත්තෙන් සැමරුම් උලෙලක් ජාතික චිත්‍රපට සංස්ථාවේ දී ලබන සදුදා

Share Button

සිංහල සිනමාවට වසර 72 ක් සහ ශ්‍රීී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 47 ක් පිරිීම නිමිත්තෙන් සැමරුම් උලෙලක් ජාතික චිත්‍රපට සංස්ථාවේ දී ලබන සදුදා පැවැත්වේ. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක් වෙයි. එහිදී සිනමා සාක්ෂරතාව පෝෂණය උදෙසා චිත්‍රපට සිනමා චතුර් මාසික සගරාවේ නව පිටපතක් හා ජීවන්ත දයානන්ද සහ ප්‍රසන්න පරණවිදාන සම්පාදනය කළ ඩොනල්ඩ් අසිරිමත් සිනමා රූපාවලිය එළිදැක්වේ. 1953 නේ මැයි 26 වැනිදා තිරගත වු ටී සුන්දරම් සහ ඩී වී චාරි අධ්‍යක්ෂණය කළ කේ ගුණරත්නම් නිෂ්පාදනය කළ සුජාතා චිත්‍රපටයේ ඩිජිටල් පිටපතක් ද එදින පස්වරු 6.00 ට තිරගත කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *