සිංහල කථානාද සිනමාව ආරම්භ වී අදට වසර 72 ක් සපිරෙයි

Share Button

සිංහල කථානාද සිනමාව ආරම්භ වී අදට වසර 72 ක් සපිරෙයි. ඒ නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධාන කරන විශේෂ උත්සවයක් කොළඹ තරංගනී ශාලාවේදී හෙට පැවැත්වේ. මෙම වසරේ දී චිත්‍රපටි සංස්ථාවටද වසර 47 ක් සපිරෙයි. එය පිහිටුවීමේ මුලික කාර්යභාරය ඉටු කළ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ පිළිරුවට උපහාර දැක්වීම ද මෙහිදී සිදු කිරිමට නියමිතයි. එදා මෙදාතුර සිනමාවේ ගමන් මග මැයෙන් ප්‍රධාන සමරු දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පැට්‍රික් රත්නායක මහතා පවත්වයි. සිනමාව වෙනුවෙන් තම ජීවිත කාලයම කැප කළ ප්‍රවීණ සිනමාවේදින් කිහිප දෙනෙකු සදහා මුල්‍ය පරිත්‍යාග සහ ඇගයුම් සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරෙන බව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන මහතා පවසයි. සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී අමිල ජයකොඩි මහතා සංස්කරණය කළ ඩොනල්ඩ් කරුණාරත්න සිනමා ගමන් මග ග්‍රන්ථය සංස්ථා ප්‍රකාශනයක් වශයෙන් මෙහිදී එළිදැක්වේ. උත්සවය අවසානයේ දී මීට 48 වසරකට පෙර මෙරට ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය වු වැලිකතර මෙහිදී යලි තිරගත කෙරෙන බව සංස්ථාවේ කළමනාකරු නිමල් විතානගේ මහතා පවසයි.

රවීන්ද්‍ර

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *